අද දිනයේත් පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ලෙස ද විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 165ක් එක් කරන කැලණිතිස්ස ඩීසල් විදුලි බලාගාරයේ ජනන කටයුතු අද රාත්‍රියේ සිට අක්‍රිය කිරීමට සිදුවන බවයි එම බලධාරීන් සඳහන් කළේ.

ඒ නැප්තා ඉන්ධන නොමැතිවීම හේතුවෙන්.

කැලණිතිස්ස විිදුලි බලාගාරය දිනක් ක්‍රියාත්මක කිරීම සඳහා නැප්තා ලීටර ලක්ෂ 9 ක් පමණ අවශ්‍ය වන බව සඳහන්.

ජල විදුලිය ඒකකයකට පසු අඩුම පිරිවැයකින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කරනු ලබන්නේ නැප්තා ඉන්ධනයෙන් ක්‍රියාත්මක වන කැලණිතිස්ස චක්‍රිය විදුලි බලාගාරයෙන්.

එම බලාගාරයෙන් එක් විදුලි ඒකකයක් නිෂ්පාදනය සඳහා වැය වන මුදල රුපියල් 40 ත් 45ත් අතර අගයක්.

මේ අතර සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අනුප පස්කුවෙල් මහතා මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත කරුණු දක්වමින් සඳහන් කළේ සහනාධාර මත යැපෙමින් විදුලි අර්බුදයට විසඳුම් ලබා දිය නොහැකි බවයි.

https://www.vnews.lk/storage/2023/01/ANUPA.mp3?_=1

WhatsApp Group

Skip to content