සක්රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 පමණ තරමක තද වැසි ඇතිවිය හැක.
මධ්යම කදුකරයේ බටහිර බෑවුම් ප්රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60)ක පමණ තද සුළං ඇතිවිය හැක.
දිවයිනේ සෙසු ප්ර දේශවල විටින් විට හමන පැකි.මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

WhatsApp Group

Skip to content