බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්තික්කවලත් විටින් විට වැසි ඇතිවේ.
බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්තික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
උතුරු සහ උතුර-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැක. ඌව පළාතේ අම්පාර සහ මඩකළපුව දිස්තික්කවලත් සවස් කාලයේ හෝ රාත්රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් තිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්තික්කවලත් විටින් විට මන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළ වලින් සහා අකුණු මාඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරැණිකව ඉල්ලා සිටිනු ලැබේ.

WhatsApp Group

Skip to content