ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව අඩු කරනු ලබන මිල ගණන් අද දිනයේදී ප්‍රකාශයට පත් කරන බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ.

මේ අතර පසුගිය මැයි මස 03 වැනිදා සිදු කළ මිල සංශෝධනයේදී ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට කටයුතු කරනු ලැබුවා.

එහිදී කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 3940ක් දක්වා රුපියල් 175කින් අඩු කිරීමටයි කටයුතු කළේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 1582ක් දක්වා රුපියල් 70කින් සහ කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 740ක් දක්වා රුපියල් 32කින් අඩු කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම පියවර ගනු ලැබුවා.

WhatsApp Group

Skip to content