දිවයිනේ ප්රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්මේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, වයඹ, දකුණු සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, ත්රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථාන සඳහා උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතින බවය.
මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එළිමහනේ සිටින පුද්ගලයින් අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සෙවණ ඇති ස්ථානවල රැඳෙමින් ප්රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසයි.

WhatsApp Group

Skip to content