නියඟය හේතුවෙන් අවදානමට ලක් වූ ජල සම්පාදන මුලාශ්‍ර 48න් 39ක් මේ වනවිට වැස්සත් සමඟ යථා තත්ත්වයට පත්ව ඇතැයි ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ බස්නාහිර, සබරගමුව පළාත්වලට මෙන්ම පුත්තලම, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.

ගෙවුනු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්කයේ මෝලි ඔය ප්‍රදේශයෙන් වාර්තා වුණු අතර එය සටහන්ව ඇත්තේ මිලිමීටර 123.4ක් ලෙසයි.

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ කැනියෝන්, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය යන විදුලි බලාගාරයට ජලය සපයනු ලබන මාවුස්සා කැලේ ජලාශයේ ජල මට්ටම අඩි 12කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, දිස්තික් පහකට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කරන බවයි.

නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමඟ දින කිහිපයක සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇදහැලෙමින් පවතියි.

WhatsApp Group

Skip to content