අද දිනයේදිත් සවස 1 න් පමණ පසුව පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 3 ක් සදහා නිකුත් කරන ලද නාය යාමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.

එමෙන්ම මහ ඔය ද්‍රෝණිය සහ දැදුරු ඔය ද්‍රෝණිය ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශ තුළ ජනතාව ගංවතුර පිළිබදව තවදුරටත් අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ මහ ඔය ද්‍රෝණියේ දිවුලපිටිය, මීරිගම, කටාන, වෙන්නප්පුව සහ දංකොටුව ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල ජනතාව මේ පිළිබදව අවදානයෙන් පසුවන ලෙසයි.

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 2 ක් ද විවෘත කර තිබෙනවා.

WhatsApp Group

Skip to content