බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද දිනයේදීත් සවස 2 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

https://www.vnews.lk/storage/2023/12/MERIL-MENDIS-EDIT-1.mp3?_=1

මේ අතර බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්.උදය කුමාර මහතා පැවසුවේ නායයාමක් හේතුවෙන් බදුල්ල – හාලිඇලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 8 ක පුද්ගලයින් 39 දෙනෙකු ඉවත් කර ඇති බවයි.

අද දින ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් පැමිණ එම ස්ථාන පරීක්ෂා කිරීමට නියමිත බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content