දුම්රිය ගමන් වාර 8 ක් අද දිනයේත් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය රියදුරන්ගේ හිඟය හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බව සදහන්.

එමෙන්ම ඊයේ දිනයේ ද දුම්රිය ගමන් වාර 21 ක් පමණ අවලංගු වී තිබුණා.

මේ අතර මාර්ග අංක දෙකක අද උදෑසන සිට පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මාර්ග අංක 187 කටුනායක ගුවන් තොටපුල – කොටුව, ජා ඇල – කොටුව, මාර්ග අංක 188 සුඛෝපභෝගි බස් රථ අද උදෑසන 7 සිට ධාවනයෙන් ඉවත් වී වර්ජනය ආරම්භ කර ඇති බව සදහන්.

ධාවන කළමනාකරුගේ අත්තනෝමතික ක්‍රියා කලාපයට එරෙහිවයි මෙම වර්ජනය ආරම්භ කර තිබෙන්නේ.

WhatsApp Group

Skip to content