අද දිනයේදීත් දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුළ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා.

https://www.vnews.lk/storage/2023/11/ATHULA-EDIT-01.mp3?_=1

මේ අතර දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 8 ම විවෘත කර තිබෙනවා.

ඒ අනුව දොරටු 4 ක් අඩි 4 බැගින් ද ඉතිරි දොරටු 4 අඩි 2 බැගින් ද විවෘත කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.

මේ හේතුවෙන් ගංවතුර අවදානමක් පවතින බැවින් ජලාශයේ පහළ ප්‍රදේශවල ජීවත්වන ජනතාව තවදුරටත් අවදානයෙන් පසුවිය යුතු බවටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

එමෙන්ම පවතින අධික වර්ෂාවත් සමග ගංගා කිහිපයක ජල මට්ටම් ද ඉහළ යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/11/SUGEESWARA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content