විවාහ මංගල උත්සවයක් අතර තුර අතුරුදන් වූ බව කියන සිව් හැවිරිදි පිරිමි දරුවා නොර්වුඩ් ප්‍රදේශයේම ලඳු කලාවක සිටියදී හමුවී තිබෙනවා.

අදාළ දරුවා අතුරුදන් වී ඇති බවට ඔහුගේ මව්පියන් විසින් ඊයේ පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිලි කර තිබුනා.
ඒ අනුව සිදුකල සෝදිසි කිරීම වලදියි අදාළ දරුවා කාලය තුල සිටියදී සොයාගෙන ඇත්තේ.

අදාළ දරුවා නිවසට ආසන්නයේ පිහිටි ළදු කැළැව වෙත ගොස් ඇති බවත්, පසුව ළදු කැළැව තුලදි දරුවාට ආපසු නිවසට ඒමට මාර්ගය සොයා ගැනිමට නොහැකිව ළදු කැළැව තුල අතරමංවි ඇති බවත් මුලික පරීක්ෂණ වලදී අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව දරුවා කදු මුදුණේ ළදු කැළැවක කාණුවකට වැටි සිටියදි හමුවූ බවයි දරුවාගේ පියා සඳහන් කලේ.
දරුවා වැඩිදුර පරික්ෂණ සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content