කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයකු වෙත රුපියල් ලක්ෂ තුනක මුදලකට ඇමරිකාවේ නිෂ්පාදිත  අති නවීන  පිස්තෝල වර්ගයේ  ගිනි අවියක් අලෙවි කිරීම සඳහා රැගෙන එන  අවස්ථාවේදී මාතලේ කළුදෑවල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී  පිස්තෝලය සමග එක් සැකකරුවෙකු  අද(09) වන දින අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු රත්තොට දන්කන්ද  පොල්වත්තාකන්ද ගම්මඩුව  ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු යුද හමුදා පුහුණුවලත් පුද්ගලයකු බවට මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී තිබේ.
යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව  මුලතිව් විශේෂ කාර්ය  බළකා කඳවුරු නිලධාරී කණ්ඩායමක් විසින් මෙම වැටලීම  සිදුකර ඇති අතර අදාල   සැකකරු රත්තොට සිට මාතලේ ප්‍රදේශය වෙත  පිස්තෝලය ඉන ප්‍රදේශයේ රඳවා ගෙන  බස් රථයක පැමිණ ඇති අතර මාතලේ
කළුදෑවල ප්‍රදේශයේදී බස් රථය නතර කර සිදුකරන ලද පරීක්ෂණයේදී  පිස්තෝලය සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බළකා නිලධාරිනීන් විසින් සිදු කරන ලද  පරීක්ෂණයේදී අදාළ සැකකරු පවසා ඇත්තේ ඔහු දිය නෑමට ගිය අවස්ථාවක රත්තොට  ගඟේ තිබී  මෙම ආයුධය හමුවූ බවට ප්‍රකාශ කර තිබේ.
මෙම වැටලීම මාතලේ යුද හමුදා බුද්ධි අංශය විසින් ලබා දුන් තොරතුරකට අනුව මුලතිව් විශේෂ කාර්ය බළකා කඳවුරු   පොලිස් පරීක්ෂක විජේරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින්  සිදුකර ඇත.වැඩිදුර පරීක්ෂණ කටයුතු මාතලේ පොලිසිය විසින් සිදු කරනු ලබයි.
අදාල සැකකරු සමග ගිනි අවිය මාතලේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

WhatsApp Group

Skip to content