අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මුදල් වංචා සිදුකළ විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද තොරතුරක් මත හංවැල්ල පාර, ගම්පහ ලිපිනයේ පිහිටි හෝටලයක් සහ අවිස්සාවේල්ල පාර, හංවැල්ල ලිපිනයේ පිහිටි පුද්ගලික ආයතනයක් වටලා සිදුකළ පරීක්ෂා කිරීමකින් අනතුරුව මෙම විදෙස් ජාතික සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

මෙම පිරිස සමාජ මාධ්‍ය ජාල සහ දුරකථන ඇමතුම් මගින් මූල්‍ය වංචා සිදුකර ඇති බව අනාවරණ වී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් අතර චීන ජාතික පිරිමි පුද්ගලයින් 29ක්, චීන ජාතික කාන්තාවක්, ඉන්දීය ජාතික පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවන් තිදෙනෙක්, තායිලන්ත ජාතික පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් හා කාන්තාවන් සිව් දෙනෙකු සිට තිබෙනවා.

ඔවුන් සන්තකයේ තිබී මූල්‍ය වංචාවන් සඳහා යොදා ගත් ජංගම දුරකථන 499ක් ලැප්ටොප් 24ක් හා ඩෙක්ස්ටොප් 29ක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම මෙම සැකකරුවන් විසින් නැගෙනහිර ආසියානු රටවල් වන චීනය, ඉන්දුනීසියාව හා තායිලන්තය වැනි රටවල් වල පිරිස් මෙන්ම දකුණුආසියානු රටවල් වල තැන්පත්කරුවන් ද එම වංචාවට හසුකරගෙන ඇති බව නිරීක්ෂණය වී ඇති බනවා පොලිසි පවසනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යාන්තර පොලීසිය හා යුරෝපොල් මගින් ද අවශ්‍ය සහාය ලබා ගනිමින් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

WhatsApp Group

Skip to content