තාවකාලිකව අත්හිටුවා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල 10,11 ශ්‍රේණිවල අවසාන වාර පරීක්ෂණ කටයුතු හෙට දිනයේ යළි පැවැත්වීමට නියමිතව තිබෙනවා.

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වාර විභාගයේ මෙතෙක් නොපැවැත්වූ විෂයන් සඳහා හෙට දිනයේ සිට යළි විභාග කටයුතු පැවැත්වීමට නියමිත බවයි.

විභාගය පැවැත්වීමට පෙර විද්‍යාව, ඉතිහාසහ, ඉංග්‍රීසි සහ ගණිතය යන ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත නිකුත් වීම හේතුවෙන් 10,11 ශ්‍රේණිවල විභාග කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පසුගියදා කටයුතු කළා.

WhatsApp Group

Skip to content