අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.

ඒ අනුව ලංකා සතොස හරහා මහජනතාවට අද(20) සිට මෙම නව අඩු කරන ලද මිල ගණන් යටතේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.

එලෙස මිල පහළ දැමූ භාණ්ඩ වන්නේ සෝයා මීට්, දේශීය අර්තාපල්, හාල්මැස්සෝ, සුදු ළුෑණු, ලොකු ළූණු සහ රතු පරිප්පුයි.

සෝයා මීට් කිලෝවක් රුපියල් 45කින් පහළ දමා ඇති අතර එහි නම මිල රුපියල් 580ක් වනවා.

මෙතෙක් කිලෝවක් රුපියල් 330ක්ව පැවැති දේශීය අර්තාපල් කිලෝවක මිල රුපියල් 40කින් පහළ දමා තිබෙනවා.

ඒ අනුව දේශීය අර්තාපල් කිලෝවක නව මිල වන්නේ රුපියල් 290ක්.

හාල් මැස්සෝ කිලෝවක් රුපියල් 30කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1100ක්.

සුදු ළූණු කිලෝවක් රුපියල් 30කින්ද ලොකු ළූණු කිලෝවක් රුපියල් 15කින්ද පහළ දමා තිබෙනවා.

ඒ අනුව සුදු ළූණු කිලෝවක නව මිල රුපියල් 620ක් ද ලොකු ළූණු කිලෝවක නව මිල රුපියල් 195ක්ද වනවා.

මෙතෙක් රුපියල් 305ක්ව පැවැති රතු පරිප්පු කිලෝවක නව මිල රුපියල් 299කි.

ඒ අනුව රතු පරිප්පු කිලෝවක් රුපියල් 6කින් මිල පහළ දමා තිබෙනවා.

WhatsApp Group

Skip to content