අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙකු පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සෞඛ්‍ය කාර්ය සහායකයින් සිව්දෙනා ලබන මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂවරිය පැවසුවේ එය පහරදීමකින් සිදුවූ මරණයක් බවට තහවුරු වී ඇති බැවින් ඊට සම්බන්ධ සෞඛ්‍ය කාර්ය සහායකයින්ගේ වැඩ තහනම් කර ඇති බවයි.

අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු පසුගිය 25 වැනිදා මියගොස් තිබුණා.

ඔහු පාදුක්ක වටරැක සමනලතැන්න ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි ඔසී නානායක්කාර නමැති එක්දරු පියෙකි.

රෝහල් බලධාරීන් ඔහුගේ ඥාතීන්ට පවසා තිබුණේ නාන කාමරයේ ඇද වැටී රෝගියා මියගිය බවයි.

කෙසේවෙතත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ, පහරදීමෙන් සිදුවූ අභ්‍යන්තර ලේ වහනයකින් මරණය සිදුව ඇති බවයි.

 

WhatsApp Group

Skip to content