කැළණිමුල්ල ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට පොලිස් විශේෂ කාර්ය බලකාය වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ හදිසි මාර්ග බාධක පරීක්ෂාවකදීයි මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ.

වෙඩි ප්‍රහාරය හමුවේ සැකකරුවන් දෙදෙනා පළාගොස් තිබෙනවා.

මේ අතර ඊයේ මාලිගාවත්තේදී සිදුවු වෙඩි තැබීම කෙසෙල්වත්තේ දිනුක නැමති සංවිධානාත්මක අපරාධකරුගේ පාර්ශවයෙන් සිදුකර ඇති බවට පොලිසිය සැකපලකරනවා.

පංචිකාවත්තේ නෙවිල් නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ඥාතියෙකු වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා තිබුණා.

මාලිගාවත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.

WhatsApp Group

Skip to content