දිවයිනට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි මෙම හමුව සිදුව ඇත්තේ.

මහා පරිමාණ සහ කුඩා පරිමාණ විකල්ප බලශක්ති ව්‍යාපෘති සදහා සහය දැක්වීම සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඉන්දියාට සිය ස්තුතිය පලකළා.

මෙහිදී අදහස් දැක්වු ඉන්දීය ආරක්ෂක උපදේශවරයා පැවසුවේ ශ්‍රී ලංකාවට දිගු කාලීනව දේශීය අවශ්‍යතාවයට වඩා වැඩි විදුලි ප්‍රමාණයක් නිපදවිය හැකි බවයි.

ඒ අනුව අතිරික්ත විදුලිය ඉන්දියාවට ලබා දී විශාල මුල්‍ය ප්‍රතිලාභ ලබා ගතහැකි බව ඔහු පෙන්වා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content