අඝාතය වැළදුනු රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බව ශ්‍රී ලංකා අඝාත සංගමය පවසනවා.

එහි සභාපති වෛද්‍ය එච්.ගුණසේකර මහතා සදහන් කළේ සෑම අවුරුදු 25 කට වැඩි පුද්ගලයින් 4 දෙනෙකුගෙන් එක් අයෙකුට මෙම රෝග වැළදීමේ අවදානමක් පවතින බවයි.

මුහුණේ එක් පැත්තක් ඇද වීම, වචන පැටලී යාම ආදිය අඝාතයේ රෝග ලක්ෂණ වනවා.

අඝාතය හේතුවෙන් ලොව මිලියන 6.5 කට අධික සංඛ්‍යාවක් මිය යන අතර ඉන් සියයට 58 ක්ම පිරිමි පුද්ගලයින් වන බවටයි වෛද්‍ය එච්.ගුණසේකර මහතා සදහන් කළේ.

එළඹෙන 29 වන දිනට යෙදෙන අඝාත දිනයට සමගාමිව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

https://www.vnews.lk/storage/2023/10/HARSHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content