ඉදිරි වම් පාදයට බදින තුවක්කුවක් පත්තු වීමෙන් බරපතල ලෙස අසාධ්‍්‍යව සිටි අග්බෝ මේ වන විට වනජීවි අධීක්ෂණ යටතේ සිටින අතර පාදයේ තුවාල ක්රිමයෙන් සුව අතට හැරී තිබෙනවා.

මෙලෙස අග්බෝ සුව අතට ගෙන ඒමට වනජීවි නිලදාරීන් හා වනජීවී පශුවෛද්ය වරුන් ඖෂධ ගැල්වූ ආහාර ආදිය ලබා දෙමින් දින 86 ක් පමණ අඛණ්ඩව ප්‍රතිකාර ලබා දුන් බවටයි වාර්තා වන්නේ.

දින 85ක පමණ කාලයක් වනජීවී දෙපාර්තමේන්තුවේ කටයුතු අනුව එලවලුල පලතුරුල ගොයම් හා තෘණ වර්ග ආදිය අග්බෝට ලබා දුන් අතර අග්බො ඇතා යම් මට්ටමකට සුවය ලබා ඇති නිසා නැවත වනයට හුරු කිරීම අරමුනෙන් වෛද්ය වරුන්ගේ නිර්දේශය මත ආහාර ලබා දීම නවත්වා ඇති බව වාර්තා වනවා.

අග්බෝ මෙලෙස නැවත වනයට මුදා හැරිමෙන් අග්බෝ ඇතා ල සැරිසරන ප්රදේශයන් වල වගා හා දේපල හානි සිදු කරම්න් අහාර සපයා ගැනීමට මේ වන විට හුරු වී තිබෙනවාග මේ හේතුවෙන් එම ප්රදේශ වල වෙසෙන ජනතාවට හා අග්බෝ ඇතාට තරමක ආරක්ෂාව පිලිබදව යම් ගැටලුකාරී ස්භාවයක් නිර්මාණ වී තිබෙනවා.

මෙලෙස ඊයේ දිනයේ රාත්රියේ කාලයේදී තිරප්පනේ දිවුල්වැව ගම්මානයට අග්බෝ ඇතා ඇතුලු වී නිවාසයක මුලුතැන්ගෙය කඩා දමා තිබෙන අතර ප්රදේශයේ නිවාස ආසන්නයම ගොස් වගා හා ස්තීර බෝග විනාශ කර ඇති බව සදහන්ග පසුව ප්රදේශවාසීන් මේ පිලිබදව තිරප්පනේ වනජීවි නිලධාරීන්ට දැනුම් දී තිබුනද වනජීවි නිලධාරීන් පැමිණ නැති බවටයි ඔහුන් චෝදනා නගන්නෙ.

මේ වන විට අග්බෝ ඇතා පලවාහැරීමට නොහැකි වීම නිසාවෙන් වනජීවි නිලදාරීන් හා ප්රදේශ වාසීන් අතර ගැටුම් කාරී තත්වයක් නිර්මාණ වෙමින් පතින අතර ලඅග්බෝ ඇතාටද ආරක්ෂාව පිලිබදවටද යම් තර්ජනයක් එල්ල වී ඇති බවත් සලකා ප්රදේශ වාසීන් ඉල්ලා සිටින්නෙ හැකි ඉක්මනින් මෙම ඇතා අල්ලා සුදුසු ස්තානයකට රැගෙනගොස් මුදාහරින ලෙසයි.

 

WhatsApp Group

Skip to content