වසර 10කට වැඩි කාලයක් අගලවත්ත රබර් පර්යේෂණායතනයේ සේවය කළ සේවකයින් 47කගෙන් 30කගේ සේවය ස්ථිර කිරීමටත්, තවත් 17කගේ සේවය කොන්ත්රාත් පදනම යටතට පත් කර ඔවුන්ගේ සේවා විධිමත් කිරීමටත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශය පියවර ගෙන තිබේ.
මෙම පත්වීම් ලිපි ප්රදානය කිරීමේ වැඩසටහන ඊයේ (10) අගලවත්ත රබර් පර්යේෂණ ආයතන ශ්රවණාගාරයේ දී පැවැත්විණි.
මීට අමතරව වසර 10ක් පමණ අධ්යක්ෂවරයෙක් නොමැතිව තිබු ශ්රී ලංකා රබර් පර්යේෂණ ආයතනයට නව අධ්යක්ෂවරයෙක් ද පත් කිරීමට පියවර ගෙන ඇත.

WhatsApp Group

Skip to content