අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් ගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට ඊයේ පැමිණි අගමැතිවරයා රැගත් හෙලිකොප්ටරය, මාතර – කොටුව ක්‍රීිඩාංගනයට ගොඩ බැස්වීමට යාමේදී සිදු වු දෝෂයක් හේතුවෙන් මාතර තානායමට හානි සිදුව තිබෙනවා.

අදාළ අවස්ථාවේ පැවති දැඩි සුළං ප්‍රවාහය හේතුවෙන් හෙලිකොප්ටරය දෝෂයට ලක්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. කෙසේ වෙතත් එම සිද්ධිය සිදුවන අවස්ථාවේදී මාතර තානායමේ ආහාරපාන ලබාගැනීම සඳහා පැමිණ සිටි ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්, දේශීය හා විදේශීය සංචාරකයින්ද අපහසුතාවට පත්වූ බව සඳහන්.

මෙලෙස නිසි ආකාරයට හෙලිකොප්ටරය ගොඩ බැස්සවීමට අපොහොසත්වීම ගැන දෙස් විදෙස් සංචාරකයින් බිය වී තිබුණු අතර ඔවුන් සිය විරෝධයද පල කර තිබුණා.

කෙසේ වෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් දෙපාර්ශවය එකඟතාවය පැමිණ ඇති බවයි මාතර පොලිසිය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content