අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ බෙයිජිං අගනුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවී තිබෙනවා.

එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී එම හමුව ඊයේ සිදුවුනා.
පැමිණ සිටි පිරිස සමග සුහද සාකච්ඡාවකට එක් වූ අග්‍රාමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටියේ මාතෘභූමියේ සංවර්ධනය සඳහා ඔවුන්ගේ සේවය ලබාදෙන ලෙසයි.

හයිනාන් පළාතේ පැවැත්වෙන බෝආඕ ආසියා සංසදයේ 2024 වාර්ෂික සමුළුවට සහභාගි වීම සඳහා චීනයට පැමිණි අගමැතිවරයා පස්දින නිල සංචාරයක නිරත වනු ඇත.

 

WhatsApp Group

Skip to content