ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හෙට දිනයේදී චීනයේ නිල සංචාරයක් සඳහා පිටව යාමට නියමිතයි.
චීන අග්‍රාමාත්‍ය ලී චෑන්ගේ ආරාධනාවක් මත හෙට සිට ලබන 30 වනදා දක්වා අග්‍රාමාත්‍යවරයා එරට සංචාරයේ නිවතවන බවයි විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක ලී ජියැන්ග් ප්‍රකාශ කළේය.

දින 5 ක නිල සංචාරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීන ජනාධිපති ෂි ජින්පින් මුණගැසෙනු ඇති බවත් චීන අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා දෙරටට වැදගත්කමක් ඇති ද්වි පාර්ශ්වික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවත් චීන විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කලා.
එහිදී චීනය සහ ශ්‍රී ලංකාව අතර තිබෙන සාම්ප්‍රදායික මිතුදම ශක්තිමත් කර ගැනීම සම්බන්ධවත් දෙරට අතර සහයෝගිතාව සහ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තර කර ගැනීම පිළිබඳවත් අවධානය යොමු කරනු ඇති බව චීන විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content