පසුගියදා රාත්‍රියේ ඇති වූ මහවැස්සත් සමග වලස්මුල්ල මූලික රෝහලට එල්ල වූ අකුණු පහරකින් එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය මුළුමනින්ම විනාශ වී ගොස් තිබෙන අතර එය යථාතත්ත්වයට පත් කිරීමට මේ වනවිටත් පියවර ගෙන තිබේ.

අකුණු පහරත් සමග එම ඒකකයේ තිබු විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සියලුම උපකරණ විනාශ වී ඇති අතර අකුණු පහර නිසා ඇති වූ ගින්නෙන් ගොඩනැගිල්ලට ද හානි සිදුවී තිබේ.

මේ සම්බන්ධව සොයා බැලීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම රෝහලට සිදු වූ හානිය සොයා බැලීම සඳහා එහි ගියේය.

WhatsApp Group

Skip to content