අකුණුසැර වැදීමෙන් ඇතිමලේ කොටියාගල හතේඇල ප්‍රදේශයේ පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ඇතිමලේ ප්‍රදේශයේම පදිංචිව සිටි 65 හැවිරිදි සයදරු පියෙක්.
සිය පුතු සහ තවත් දෙදෙනෙකු සමඟ කුඹුරේ වැඩකරමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණ පා තිබෙනවා,
අකුණුසැර වැදී බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා ඇතිමලේ ප්‍රාදේශීය රෝහලට ඇතුලත්කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content