ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් නොකළහොත් මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, අද පෙරවරු 8ට පෙර වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

WhatsApp Group

Skip to content